පිළිකා පරීක්ෂණ නැවතී වික්ටෝරියාවේ 4000 ක් අවධානම් තත්වයේ

පිළිකා කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ කොවිඩ් සමයේ නවතා දැමීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ 4000 කට ආසන්න පිරිසක් අවධානම් තත්වයේ පසුවන බව තහවුරු කරගෙන තිබෙනවා.

ඒ බව දැක්වෙන්නේ වික්ටෝරියා පිළිකා ලේඛකාධිකාරිය විසින් 2021 වසරට අදාළව ඊයේ නිකුත් කරන ලද වාර්තාවට අනුවයි.

ඇතැම්විට හඳුනානොගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවටද අනතුරු ඇගවෙනවා.

මෙම වාර්තාවේ අඩංගු සාධනීය කරුණක් වන්නේ ගතවූ වසර 05 තුළදී හඳුනාගත් පිළිකා රෝගීන් අතුරින් සියයට 70 කට වඩා සුවය ලැබීමයි.

ගතවූ වසර 05 දී වික්ටෝරියා ප්‍රාන්තයෙන් හඳුනාගත් පිළිකා රෝගීන් ගණන 128,000 කට ආසන්නයි.

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »