ඔස්ටේ්‍රලියා මාර්ගවල කැඩුණු වළවල් හදන්න $ බිලියන 04 ක්

පසුගිය ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් හමුවේ ඔස්ටේ්‍රලියාව පුරා මාර්ගවලට සිදුවූ හානි මුලුමණින්ම අලුත්වැඩියා කිරීමට ඩොලර් බිලියන 04 කට ආසන්න මුදලක් වැයවනු ඇති බවට තක්සේරු කර තිබෙනවා.

නාගරික කවුන්සිල 537 ක් ආශ්‍රිතව ලබාගත් තොරතුරු මගිනුයි මෙම දත්ත ගණනය කර ඇත්තේ.

මෙම මුදල වාර්ෂිකව ඔස්ටේ්‍රලියාව විසින් විදේශ ආධාර ලෙස වෙන් කරන මුදල හා සමාන අගයක් වීම විශේෂත්වයක්.

මෙම මාර්ගවලින් වැඩි සංඛ්‍යාවක් නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවල මාර්ග බව සඳහන්.

ඔස්ටේ්‍රලියාවේ මාර්ගවලින් සියයට 77 ක් හෙවත් කිලෝමීටර් 687,000 ක පමණ දුරක් අයත් වන්නේ නාගරික කවුන්සිල සඳහායි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »