විදුලි ගාස්තු ගැන බලශක්ති ඇමතිවරුන් තීරණයක් ගනී

පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමට අදාළ යෝජනාවකට ෆෙඩරල් සහ ප්‍රාන්ත බලශක්ති ඇමතිවරුන් විසින් අත්සන් තබා තිබෛනවා.

විදුලි ගාස්තු අඩු අවස්ථාවලදී නිෂ්පාදන පිරිවැය සඳහා වැයවන අමතර මුදල් ඒ යටතේ ඔවුන්ට ලබාදීම සිදුවනු ඇති.

ෆෙඩරල් බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් සඳහන් කලේ ඩොලර් බිලියන 10 ක අරමුදලක් මේ යටතේ ස්ථාපිත කිරීමට නියමිත බවයි.

මේ අතර අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වන ජාතික කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන මාතෘකාව බවට පත්වී ඇත්තේද ගෑස් සහ විදුලිය ගාස්තු සඳහා උපරිම සීමාවක් පැණවීමයි.

අද දිනයේදී බලශක්ති අමාත්‍යවරුන් විසින් ගනු ලැබූ තීරණ අනුමත කිරීමද හෙට දිනයේදී සිදුවනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »