ගුවන් භාණ්ඩ විසිකල දෙදෙනා සේවයෙන් පහ කෙරේ

දින කිහිපයකට පෙර ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙල්බන් ගුවන් තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන්මලු විසිකල ගුවන් භාණ්ඩ හසුරුවන්නන් දෙදෙනා සේවයෙන් පහ කර තිබෙනවා.

ක්වන්ටාස් ගුවන් සේවය විසින් බාහිර කොන්ත්‍රාත් සේවා මත බඳවා ගනු ලැබූ සේවකයන් දෙදෙනෙකුයි මෙලෙස ඉවත් කර ඇත්තේ.

සිද්ධිය පිළිබඳ වාර්තා වූ වහා විමර්ශනයක් ආරම්භ කල බවත් ඒ අනුව ඔවුන් දෙදෙනා සේවයෙන් ඉවත් කල බවත් අදාළ කොන්ත්‍රාත් සමාගම නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

තමන් සතුව 3000 කට ආසන්න ගුවන් භාණ්ඩ හසුරුවන්නන් ඇති නමුත් ඉතා සුලු පිරිසකගේ වගකීම් විරහිත ක්‍රියා හමුවේ සමස්ත ආයතනයට එල්ලවන කැළල පිළිබඳ කණගාටුවන බවත් ඔවුන් අවධාරණය කරනවා.

ඇතැම් ගමන්මලු මොවුන් විසින් ඔසවා belt එක මතට පතිත කරන ආකාරයක්ද දක්නට ලැබුණා.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »