ඔස්ටේ්‍රලියාවේ ඉහළ යන බලශක්ති ගාස්තු සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ෆෙඩරල් සහ ප්‍රාන්ත බලශක්ති ඇමතිවරුන් අතර අද බ්‍රිස්බන් හිදී පැවැත්වෙනවා.
ගාස්තු නියාමනයට මැදිහත්වන බවට මධ්‍යම රජය විසින් මෙහිදී නිල දැනුම්දීමක් සිදුකරනු ඇති බව සඳහන්.
මෙහිදී ගන්නා තීන්දු සඳහා අගමැති ඇන්තනී ඇල්බනීස් ගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී අවසන් අනුමැතිය දෙනු ඇති බවටද වාර්තා පළවනවා.
මේ අතර ඔස්ටේරලියාව පුරා පෙට්‍රල් මිළ ගණන් තරමක් පහළගොස් තිබෙනවා.
සිඩ්නි නුවර ලීටරයක් ඩොලර් 1.69 දක්වාද – මෙල්බන් නුවර ලීටරයක් ඩොලර් 1.71 දක්වාද – බ්‍රිස්බන් නුවර ඩොලර් 1.70 දක්වාද අඩුවී ඇති බවයි වෙළඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් නත්තල් සමයෙන් පසු නැවත වරක් ඉන්ධන මිළ ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.