ණයට ගෙන නත්තල සමරන ඔස්ටේ්‍රලියානුවන් ඉහළ යයි

මෙවර නත්තල් සමයේදී ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් සහ පුද්ගලික ණය මත භාණ්ඩ මිළදී ගැනීම් සිදුකරන ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි අනාවරණ වි තිබෙනවා.

ආයතනය විසින් සිදුකර ඇති අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ සියයට 24 ක් හෙවත් ලක්ෂ 48 කට ආසන්න පිරිසක් එලෙස ණය මත විශ්වාසය තබා සාප්පු සවාරියේ නිරත වන බවයි.

මින් සියයට 13 ක් පමණ ක්‍රෙඩිට් කාඩ් හරහාද – සියයට 09 කට ආසන්න පිරිසක් buy-now, pay-later ක්‍රම හරහා ද භාණ්ඩ මිළදී ගන්නා බවයි සඳහන් කර ඇත්තේ.

තමන් සතු මුදල් භාවිතයෙන් අත්පිට භාණ්ඩ මිළදී ගන්නා ඔස්ටේ්‍රලියානුවන් ප්‍රතිශතය සියයට 53 දක්වා අඩුවී තිබෙනවා.

සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 11 ක් පවසා ඇත්තේ ඉහළ යන ජීවන වියදමට මුහුණදීමට ලබන වසරේදී අමතර රැකියාවක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ හෝ කුමන මුදලක් ඉතිරි කිරීමට බලාපොරොත්තු වන බව සියයට 33 ක පිරිසක් පවසා තිබෙනවා.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »