වික්ටෝරියා ප්‍රාන්ත ලිබරල් පක්ෂ කණ්ඩායමේ නායකත්වයට ජෝන් පෙසුටෝ තේරී පත් වී තිබෙනවා.
අද පෙරවරුවේ පැවති ලිබරල් පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමේදී බ්‍රැඩ් බැටින් පරාජයට පත් කරමිනුයි ඔහු ප්‍රාන්ත විපක්ෂ නායක ධුරයට පත්වූයේ.
පසුගිය නොවැම්බර් 26 වනදා පැවති වික්ටෝරියා මැතිවරණයෙන් ලිබරල් සන්ධානය පරාජයට පත්වීමත් සමග විපක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව මැතිවි ගයි විසින් නිවේදනය කිරීමත් සමගයි එම තනතුර පුරප්පාඩු වූයේ.
2014 සිට 2018 දක්වාද වික්ටෝරියා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කල ජෝන් පෙසුටෝ මෙවර නැවතත් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට පත්වූයේ Hawthorn ප්‍රදේශය නියෝජනය කරමිනුයි.
දැනට පසුබෑමක් අත්කරගෙන ඇති ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයන බවටයි විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසු ඔහු නිවේදනය කලේ.