Search

ඔස්ටේ්‍රලියා වීසා ඉල්ලූ සියල්ලන්ට වැදගත් පණිවුඩයක්

ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා සහ පුහුණූ නිපුණතා වීසා අනුමත කිරීම් කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වයටම ආසන්න වී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර සිසුන් සහ Skilled වීසා ලාභීන් රටට පැමිණීමද 2020 වසරේ පැවති තත්වයට ක්‍රම ක්‍රමයෙන් ළගාවෙමින් පවතින බවයි සංක්‍රමණ දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛණ පවසන්නේ.

වසර 02 කට ආසන්න කාලයක් දේශ සීමා වසා තැබීම හමුවේ ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ කැපී පෙනෙන අඩුවක් නිරීක්ෂණය වූ අතර ඔවුන් බ්‍රිතාන්‍යය – කැනඩාව වැනි රටවල් වෙත යොමුවීමක්ද දක්නට ලැබුණා.

විදෙස් සිසුන් හරහා ඔස්ටේ්‍රලියා ආර්ථිකයට වසරකට ලැබෙන ආදායම ඩොලර් බිලියන 40 කට ආසන්නයි.

එමෙන්ම නිපුණතා ශ්‍රමිකයන් නොපැමිණිම හේතුවෙන් රැකියා පුරප්පාඩු සම්පූර්ණ කිරිමද සැළකිය යුතු මට්ටමකින් අඩාලවයි පැවතුණේ.

මෙම කරුණු 02 ම හමුවේ ඔස්ටේ‍රලියා ආර්ථිකයට සිදුවූ බලපෑමද මේ අනුව යළිත් යථා තත්වයට පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »