ඔස්ටේ්‍රලියාව තුළ Elective සැත්කම් වසර 10 කට පසු අඩුම අගයට

ඔස්ටේ්‍රලියාව තුළ Elective සැත්කම් වසර 10 කට පසු අඩුම අගය වාර්තා කර තිබෙනවා.

පසුගිය වසරේදී මෙරටදී සිදුකර ඇත්තේ Elective සැත්කම් 623,000 ක් පමණක් වන අතර එය 2010 වසරෙන් පසු සටහන්වූ අඩුම අගය බවටයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

මින් වැඩිම කප්පාදුව පෙන්නුම් කර ඇත්තේ නිවු සවුත් වේල්ස් සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලයි.

කොවිඩ් තත්වය හමුවේ බොහෝ රෝහල් අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ප්‍රමුඛතාවය දීමත් – සේවක හිගය හමුවේ ඇතැම් රෝහල්වල Elective සැත්කම් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීමත් මීට හේතුවී තිබෙනවා.

මේ අතර වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලද නැවත වරක් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඉහළයාමත් සමග සැළකිය යුතු රෝහල් සංඛ්‍යාවක් නැවත වරක් Elective සැත්කම් සිදුකිරීම කල් දැමීමටයි තීරණය කර ඇත්තේ.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »