Search

31 රෑ ඔස්ටේ්‍රලියා ගිණි කෙළි සංදර්ශන පවත්වන ස්ථාන ප්‍රකාශයට

නව වසර උදාවේ දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ ඔස්ටේ්‍රලියාව පුරා ගිණි කෙළි සංදර්ශන ඇතුලු උත්සව පවත්වන ස්ථාන පිළිබඳ නිල තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවරත් ප්‍රධාන ගිණි කෙළි සංදර්ශනය සිඩ්නි වරාය පාලම අසළ පැවැත්වෙන අතර 31 වනදා රාත්‍රී 09 ට එය ආරම්භවීමට නියමිතයි.

ඔපෙරා රගහල – සිඩ්නි වරාය පාලම අවට ස්ථාන 184 ක සිට ගිණිකෙළි මුදා හැරෙනු ඇති.

ගිණිකෙළි සංදර්ශන හොඳින් නැරඹිය හැකි ස්ථානවල ප්‍රවෙශපත්‍ර ඩොලර් 500 ක පමණ මුදලකට දැනටමත් අලෙවි කර අවසන්.

මෙල්බන් නගරයේ Treasury Gardens, Flagstaff Gardens, Docklands Celebration Zone & Marvel Stadium යන ස්ථානවල ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙන අතර රාත්‍රී 09.30 සිට එම උත්සව ආරම්භ වනු ඇති.

මීට සමගාමීව අනෙකුත් ප්‍රාන්තවල ප්‍රධාන නගරවලද ගිණිකෙළි සංදර්ශන සහ නව වසර උදාව පිළිගැනීමේ උත්සව සංවිධාන කර තිබෙනවා.