වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිගය හමුවේ මෙල්බන් රෝහල් රැසක නැවතත් අර්බුදකාරී වාතාවරණයක් උද්ගතවී තිබෙනවා.
දිනපතා සේවකයන් විශාල පිරිසක් අසනීප නිවාඩු වාර්තා කිරීම හමුවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී දැඩි ප්‍රමාදයන් නිර්මාණය වී ඇති බව සඳහන්.
මෙම තත්වය හමුවේ ඇතැම් රෝහල් නැවත වරක් Elective සැත්කම් කල් දැමීමට හෝ ප්‍රමාද කිරීමට පෙළඹෙන තත්වයක්ද දක්නට ලැබෙනවා.
මෙල්බන් රාජකීය ළමා රෝහල පසුගිය සඳුදා රාත්‍රියේ දෙමව්පියන්ට දන්වා සිටියේ ප්‍රතිකාර ගැනීමට පැමිණ පැය 12 කට ආසන්න කාලයක් බලාසිටීමට සිදුවන බැවින් වෙනත් රෝහල් වෙත යොමුවන ලෙසයි.
එමෙන්ම හැකි සෑම අවස්ථාවකම tele health වැනි සේවා භාවිතයට ගන්නා ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර වික්ටෝරියා ගිලන් රථ සේවය ඊයේ රාත්‍රියේත් දැඩි ප්‍රමාදයන් වාර්තා කර තිබෙනවා.
සේවකයන් 125 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් වැළඳී සේවයට වාර්තා නොකිරීම ඊට හේතුවයි.