ඔස්ටේ්‍රලියානු අධිකරණයකින් Uber ට දැවැන්ත දඩයක්

ෆෙඩරල් අධිකරණයක් විසින් Uber සඳහා ඩොලර් මිලියන 21 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ කුළී ගමන් ගාස්තු අවලංගු කිරීමේදී සහ අදාළ ගමන සඳහා වැයවන ගාස්තුව පෙන්නුම් කිරීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කල බවට අධිකරණය හමුවේ වරදකරුවන් බවට පත්වීමත් සමගයි.

ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් පසුගිය අප්‍රේල් මාසයේදී මෙම නඩුව පවරා තිබුණේ ඩොලර් මිලියන 26 ක වන්දි මුදලක් ඉල්ලමිනුයි.

නියමිත විනාඩි 05 ක කාලය තුළදී සිය ගමන අවලංගු කලද කිසියම් ගාස්තුවක් අය කරගන්නා බවට මගීන් විසින් පාරිභෝගික කොමිසමට පැමිණිලි කර තිබුණා.

වසර 04 කට ආසන්න කාලයක් පුරා Uber ඇප්ලිකේෂනය මගින් මගීන් සඳහා පෙන්නුම් කර ඇත්තේ නියමිත ගාස්තුවට වඩා ඉහළ අගයන් බවද අධිකරණයේදී ඔප්පුවී ඇතැයි සඳහන්.

උදාහරණයක් ලෙස Uber ඇප්ලිකේෂනය විසින් කිසියම් ගමනක් සඳහා ඩොලර් 30-40 ත් අතර ගාස්තුවක් පෙන්නුම් කලද එහි සැබෑ ගාස්තුව වන්නේ ඩොලර් 25 ක් පමණ වන බවටයි තහවුරු වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 20 ක් පමණ මෙම අසාධාරණයට මුහුණදී ඇතැයි නිගමනය කරමිනුයි ෆෙඩරල් අධිකරණයක් විසින් මෙලෙස දැවැන්ත දඩයක් Uber ට එරෙහිව පණවනු ලැබ ඇත්තේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »