Search

නත්තල් නිවාඩුවේ මෙල්බන් මාර්ග රැසක තදබද

මහා මාර්ග සහ දුම්රිය මාර්ග නඩත්තු හේතුවෙන් නත්තල් නිවාඩු සමයේ මෙල්බන් මාර්ග රැසක ප්‍රමාදයන් සහ ගමනාගමනයට බාධා එල්ලවනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ලබන 26 වනදා සිට ජනවාරි 04 වනදා දක්වා දින 10 ක කාලයක් West Gate පාලමේ පිටත්වන මංතීරු 04 ක් වසා තැබෙන්නේ නඩත්තු කටයුතු සඳහායි.

ඒ අනුව එක් මංතීරුවක් පමණක් විවෘතව පවතිනු ඇති අතර විනාඩි 90 ක පමණ ප්‍රමාදයන් අපේක්ෂා කෙරෙනවා.

මීට අමතරව Monash freeway සහ තදාසන්න මාර්ග කිහිපයකද ප්‍රමාදයන් ඇතිවිය හැකි බවටයි වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් දන්වා සිටින්නේ.

ජනවාරි 09 වනදා සිට 24 වනදා දක්වා Princess Freeway හි කොටසක් රාත්‍රී කාලයේදී වසා තැබීමටද නියමිතව තිබෙනවා.

වසා තැබෙන සියලු මාර්ග පිළිබඳ වැඩිදුර විස්තර – https://www.9news.com.au/national/train-road-delays-closures-list-summer-melbourne-planned-works/d5df9c4a-2115-44df-b973-3e8569b1dee5

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »