ගුවන් ගාස්තු ගැන ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම විමසිල්ලෙන්

නත්තල් නිවාඩු සමයේ ගුවන් ගමන් ගාස්තු සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කිරීමට ජාතික පාරිභෝගික කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ ප්‍රමාණවත් ආසන ධාරිතාවයක් පවත්වාගැනීමෙන් තොරව ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දමන බවට චෝදනා එල්ලවීමත් සමගයි.

විශේෂයෙන් අභ්‍යන්තර ගුවන් ගමන්වලදී මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවටයි හඳුනාගෙන ඇත්තේ.

ගුවන් මාර්ග 10 ක් සළකා බැලීමේදී 2019 වසරේ පැවති ගුවන් ගමන් ගාස්තුවලට සාපේක්ෂව දෙගුණයකටත් වඩා ගාස්තු ඉහළ දමා ඇති බවයි පාරිභෝගික කොමිසම පෙන්වා දෙන්නේ.

මෙල්බන් සිට පර්ත් දක්වා ආපසු ගුවන් ගමනකට ඩොලර් 439 ක් ලෙස පැවති ගාස්තුව මේ වනවිට ඩොලර් 1078 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇඩිලේඩ් සිට ගෝල්ඩ් කෝස්ට් දක්වා ඩොලර් 374 ක් ලෙස පැවති ගාස්තුව ඉහළ ගොස් ඇත්තේ ඩොලර් 958 ක් දක්වායි.

කෙසේවෙතත් ක්වන්ටාස් සහ වර්ජින් ගුවන් සමාගම් පවසන්නේ ඉදිරි මාස 06 තුළදී ගුවන් ගාස්තු අඩුවනු ඇති බවයි.

සේවක හිගය හමුවේ උපරිම ධාරිතාවයෙන් ගුවන් ගමන් ක්‍රියාත්මක කල නොහැකි බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »