ප්‍රධාන බැංකු පොළී අනුපාතික ඉහළ දමන දින වකවානු ප්‍රකාශයට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉහළ දමන ලද cash rate අගයන්ට සමානුපාතිකව ප්‍රධාන බැංකු විසින් සිය පොළී අනුපාතික ඉහළ දමන දින වකවානුද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් 20 වනදා සිට නිවාස ණය පොළී අනුපාතික 0.25 කින් ඉහළ දමන බවයි වෙස්ට්පැක් බැංකුව නිවේදනය කලේ.

ඉතුරුම් ගිණුම් සඳහා පොළී අනුපාතික ඉහළ දැමීම දෙසැම්බර් 16 වනදා සිට බලාත්මක කෙරෙන බවද ඔවුන් සඳහන් කලා.

NAB සහ ANZ යන බැංකු විසින් උකස් පොළී අනුපාතික ඉහළ දැමීම සිදුකරනු ලබන්නේ ලබන 16 වනදා සිටයි.

වසර 10 කට පසු ඔස්ටේ්‍රලියාවේ cash rate අගය ඉහළම අගයට අද පත්වුණා.

ඒ සියයට 2.85 ක්ව පැවති cash rate අගය පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් වැඩි කිරීමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කිරීමත් සමගයි.

මේ අනුව 2012 වසරේ නොවැම්බර් මාසයේ සියයට 3.25 ක් ව පැවති cash rate අගය වසර 10 කට පසු ඉහළම අගයකට පත්ව තිබෙනවා.

ඔස්ටේ‍රලියාව මුහුණදී ඇති අධික උද්ධමනය මීට ප්‍රධාන හේතුව බවයි ෆෙඩරල් සංචිත බැංකු ප්‍රධාන ෆිලිප් ලෝ අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

පසුගිය මැයි මාසයේදී මෙරට cash rate අගය සියයට 0.1 ක් ලෙස පැවති අතර ගතවූ මාස 08 තුළදී එය සියයට 03 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අනුව වසර 25 ක් සඳහා ඩොලර් ලක්ෂ 05 ක උකස් ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරික මුදල තවත් ඩොලර් 75 කින් වැඩිවනු ඇති.

එනම් මාස 08 ක් තුළදී වාරික වැඩිවීම ඩොලර් 834 ක්.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »