පාරිභෝගිකයන් නොමග යැවූ බවට Telstra ට නඩු

අන්තර්ජාල වේග සම්බන්ධයෙන් පාරිභෝගිකයන් නොමග යැවීමේ චෝදනා මත ඔස්ටේ්‍රලියාවේ ප්‍රධානතම විදුලි සංදේශ සමාගම වන Telstra ට එරෙහිව නඩු පැවරීමට ජාතික පාරිභෝගික කොමිසම තීරණය කර තිබෙනවා.

2020 ඔක්තෝබර් සහ නොවැම්බර් කාලවලදී අන්තර්ජාල වේගයක් සහිත පැකේජයක් භාවිත කරමින් සිටි පාරිභෝගිකයන් 9000 ක් පමණ වෙනත් පැකේජයකට යොමු කරවීමටයි Telstra විසින් පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් පොරොන්දු වූ ඉහළ අන්තර්ජාල වේගය ලබාදීමට හෝ ගාස්තු අඩු කිරීමකට ඔවුන් කටයුතු කර නොමැති බවට පාරිභෝගිකයන් විසින් ඉදිරිපත් කල චෝදනා සැළකිල්ලට ගෙනයි පාරිභෝගික කොමිසම විසින් මෙම අධිකරණ කටයුත්ත ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවේ.

අදාළ පාරිභෝගිකයන් අතුරින් 2500 කට පමණ පසුගිය අප්‍රේල් මාසයේදී ගාස්තු සහනයක් ලැබී ඇතත් වැඩි පිරිසකට මේ දක්වා සාධාරණයක් ඉෂ්ට වී නැතැයි සඳහන්.

මෙම සියලු කරුණු අධිකරණයේදී සාධක සහිතව ඔප්පු කරන බවටත් පාරිභෝගික කොමිසම අවධාරණය කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »