වසර 03 කට පසු සිඩ්නි කාර්යබහුල වෙයි

මෙවර නත්තල් නිවාඩු සමයේදී ගුවන් මගීන් ලක්ෂ 22 ක් පමණ සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

දෙසැම්බර් 12 වනදා සිට ජනවාරි 06 වනදා දක්වා කාලයට අදාළව නිකුත් කර ඇති වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

මේ අනුව වසර 03 කට පසු කාර්යබහුලම නත්තල් නිවාඩු කාලසීමාව මෙවර දැක ගත හැකි වනු ඇති බවට ද සිඩ්නි ගුවන් තොටුපළ බළධාරීන් අනාවැකි පළකර සිටිනවා.

අදාළ කාලසීමාව තුළදි මගීන් ලක්ෂ 19 ක් පමණ අභ්‍යන්තර ගුවන් ගමන්වල නිරත වනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

එය කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ 2019 දෙසැම්බර් මාසයට වඩා සියයට 91 ක ඉහළයාමක් වනු ඇති.

ජාත්‍යන්තර ගුවන් මගීන්ගේ වර්ධනය සියයට 71 ක් වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

දේශීය ගුවන් ගමනකට පැය 02 කට පෙර සහ ජාත්‍යන්තර ගුවන් ගමනකට පැය 03 කට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »