මෙල්බන් Royal Children’s Hospital එන දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

මෙල්බන් රාජකීය ළමා රෝහල හෙවත් Melbourne Royal Children’s Hospital වෙත ප්‍රතිකාර සඳහා ළමුන් රැගෙන එන දෙමව්පියන්ට එහි පාලනාධිකාරිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

හදිසි ප්‍රතිකාර දෙපාර්තමේන්තුවේ පොරොත්තු කාලය (waiting time) මේ වනවිට පැය 04-05 ත් වැනි ඉහළ අගයක් දක්වා වැඩිවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඊයේ පස්වරුවේ එය සටහන් වූයේ පැය 12 ක් ලෙසයි.

ඒ අනුව හැකිනම් වෙනත් රෝහල් වෙත යොමුවන්නැයි ද පාලනාධිකාරිය විසින් දෙමව්පියන්ට දන්වා තිබුණා.

මේ වනවිටත් පවුල් 100 ක පමණ කුඩා දරුවන් හදිසි ප්‍රතිකාර අංශයේ පොරොත්තු කාමරවල රැඳී සිටින බව සඳහන්.

කොවිඩ් හමුවේ දිනකට සේවකයන් 120 ක් පමණ රාජකාරි සඳහා වාර්තා නොකිරීම – දැඩි සත්කාර ඒකකවල පසුවන ළමුන් සංඛ්‍යාව ඉහළ අගයත් ගැනීම මෙම තත්වයට ප්‍රධාන හේතු බවටයි හඳුනාගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ වාහන අනතුරුවලට ලක්වෙයි

හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථ දෙකක් ප්‍රදේශ දෙකකදී අනතුරට ලක්ව තිබෙනවා.

Read More »

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »