Search

ඔස්ටේ්‍රලියානු තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය පහළට

කොවිඩ් සමයේදී ඔස්ටේ්‍රලියානු තරුණ ප්‍රජාව අතර මානසික සෞඛ්‍ය මට්ටම පහළගොස් තිබෙනවා.

15 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ මෙන්ම 25 ත් 34 ත් අතර වයස් කාණ්ඩයේ එය කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම්කර ඇති බවයි නවතම දත්ත වාර්තා හෙළි කරන්නේ.

කොවිඩ් සමය තුළදී රැකියා අහිමිවීම් මීට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන තිබෙනවා.

කෙසේවෙතත් 55 ත් 64 ත් අතර මෙන්ම අවුරුදු 65 ට වැඩි වයස් කාණ්ඩයේ මානසික මට්ටම සෙසු වයස් කාණ්ඩයන් හා සැළකීමේදී පැහැදැලි වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

2011 දී 73.3 ක් ලෙස පැවති කාන්තා මානසික සෞඛ්‍ය ප්‍රසාද ළකුණ 2020 වසරේදී 68.9 ක් දක්වාද 2011 දී 74.9 ක් ලෙස පැවති පුරුෂ මානසික සෞඛ්‍ය ප්‍රසාද ළකුණ 2020 වසරේදී 72.1 ක් දක්වාද අඩුවී තිබෙනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »