Search

විදෙස් භාෂාවලින් දැන්වීම් පළකරන ඔස්ටේ්‍රලියා රැකියා ජාවාරමක්

ඔස්ටේ්‍රලියාව තුළ ඉංග්‍රීසි හැර විදේශීය භාෂාවලින් පළකෙරෙන රැකියා දැන්වීම්මලින් සියයට 60 ක් පමණ විවිධ අයථා ක්‍රියාවන්ට සම්බන්ධ ජාවාරම් බවට හඳුනාගෙන තිබෙනවා.

එයින්ද බහුතරය දිනකට පැය 12 ක පමණ සේවා කාලයක් ලබාගෙන පැයකට ඩොලර් 10 ක් පමණ ගෙවන රැකියා බවයි හෙළිකරගෙන ඇත්තේ.

මෙම රැකියා සිල්ලර වෙළඳාම් – පිරිසිදු කිරීම් – ප්‍රවාහන – ඉදිකිරීම් – සහ කොණ්ඩා සැකසුම් වැනි වැනි අංශවල බවද සඳහන්.

අදාළ දැන්වීම්වලින් බහුතරයක් ජපාන – වියට්නාම – ස්පාඤ්ඤ සහ පෘතුගීසි යන භාෂාවලින් පළ කෙරෙන බව රැකියා දැන්වීම් 7000 ක් පමණ ආශ්‍රිතව මෑතකදී සිදුකල සමීක්ෂණයකදී හඳුනාගෙන තිබෙනවා.

බහුතරයක් සේවකයන් විසින් ඔස්ටේ්‍රලියානු කම්කරු නීතිය පිළිබඳ දැනුවත්ව නොසිටීම මෙම තත්වයට ප්‍රධාන හේතුව බවයි තහවුරු කරගෙන ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් විසින් වාර්තාවක්ද කැඳවා තිබෙනවා.