දිනපතා දුම්පානය කරන ඔස්ටේ්‍රලියානු තරුණයන් අඩුවෙයි

දිනපතා දුම්පානය කරන ඔස්ටේ්‍රලියානු තරුණයන්ගේ ප්‍රතිශතය පහළගොස් තිබෙනවා.

2011 – 2012 කාලසීමාවේදී එය සියයට 16.5 ක් ලෙස පැවති නමුත් මේ වනවිට සියයට 7.1 ක් දක්වා අඩුවී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් වැඩිහිටි ජනතාව අතර දුම්පානය ඉහළ ගොස් ඇති අතර සෑම වැඩිහිටි ඔස්ටේ්‍රලියානුවන් 10 දෙනෙකු අතරින් එක් අයෙකු දිනපතා දුම්පානය කරන බවටයි හඳුනාගෙන ඇත්තේ.

දුම්පානය හේතුවෙන් වාර්ෂිකව මියයන ඔස්ටේ්‍රලියානුවන් සංඛ්‍යාව 20,500 කට ආසන්නයි.

එය මෙරට වසරකදී සිදුවන මරණවලින් සියයට 13 ක් පමණ වන බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

අවුරුදු 55 ත් 64 ත් අතර වයස් කාණ්ඩයේ දුම්පානය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »