ඔස්ටේ්‍රලියා ණය හිමියන් මිලියන ගණනකට වැදගත් තීරණයක් අද

අඛණ්ඩව 08 වන මාසයටත් පොළී අනුපාතික ඉහළ දමන්නේදැයි තීරණය කිරීමට ෆෙඩරල් සංචිත බැංකුවේ විධායක මණ්ඩලය අද යළි රැස්වනවා.

Cash rate අගය නැවත ඉහළ දැමීමට එහිදී තීරණය කෙරෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සියයට 7.3 ක්ව පැවති උද්ධමනය ඔක්තෝබරයේදී සියයට 6.9 දක්වා අඩුවී ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පසුගියදා නිවේදනය කලා.

උද්ධමනය යම්තාක් දුරකට පාලනය වී ඇතත් ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙවර Cash rate අගය සියයට 0.25 කින් පමණ වැඩි කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එසේ වුවහොත් දැනට සියයට 2.85 ක්ව පවතින Cash rate අගය සියයට 3.1 දක්වා ඉහළ යන අතර 2012 වසරෙන් පසු Cash rate අගය වාර්තා කරන ඉහළම අගය එය වනු ඇති.

ඒ අනුව ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරිකයේ ඉහළයාම පසුගිය මැයි මාසයේ සිට ඩොලර් 834 ක් පමණ වනවා.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »