NSW පාසල් දරුවන් සඳහා $ 500 වවුචර ක්‍රමය දීර්ඝ කරයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් යන වයසේ දරුවන් සිටින දෙමව්පියන් සඳහා ලබාදුන් ඩොලර් 500 ක වවුචර ක්‍රමය දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ග්‍රීෂ්ම නිවාඩු සමයේදීත් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වියදම් පියවා ගැනීම වෙනුවෙන් මෙම වවුචර සඳහා අයදුම් කිරීමට ඔවුන්ට අවස්ථාව සැළසෙනු ඇති.

මෙම වසර ආරම්භයේදී මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 155 ක මුදලක් වෙන් කෙරුණු අතර ඉන් ඩොලර් මිලියන 100 ක මුදලක් දැනටමත් භාවිත කර අවසන්.

ඒ අනුව වවුචර 263,000 ක් පමණ භාවිතයට ගෙන ඇති බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

ලබන වසරේ ජනවාරි 31 වනදා තෙක් Service NSW හරහා මේ සඳහා අයදුම් කල හැකි අතර ප්‍රාන්තය පුරා සේවා සපයන ආයකන 940 කදී විවිධ සේවා ලබාගැනීම වෙනුවෙන් ජූනි 30 වනදා තෙක් එම වවුචර භාවිත කල හැකියි.

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු යුවළකගේ දිවි අහිමි කළ සැකකරු ගැන අලුත් අනාවරණයක්

පිලිපීනයේ හෝටලයකදී ඔස්ට්‍රේලියානු පුරවැසියන් වන යුවළක් ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයා එම හෝටලයේ හිටපු සේවකයෙක් බවට අනාවරණ වී තිබෙනවා.

Read More »