අගමැති ඇල්බනීස් ට දෙවන වරටත් කොවිඩ්

අගමැති ඇන්තනී ඇල්බනීස් ට දෙවන වරටත් කොවිඩ් ආසාධනය වී තිබෙනවා.

තමා හුදකලාව සිට රාජකාරි කටයුතුවල නිරතවන බවයි ඔහු නිකුත් කල ට්විටර් සටහනක දැක්වෙන්නේ.

පී සී ආර් පරීක්ෂණයක් හරහා තම ආසාධිතභාවය හඳුනාගත් බවද අගමැතිවරයා කියාසිටියා.

පසුගිය අප්‍රේල් මාසයේදීත් මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර ඇන්තනී ඇල්බනීස්ට කොවැඩි වැළඳී තිබුණා.

ඔහු බූස්ටර් මාත්‍රාවද ලබාගත් අයෙකු වනවා.

මේ අතර ලබන බදාදා පැවැත්වීමට නියමිත වූ ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඔන්ලයින් ක්‍රමයට හෝ වෙනත් දිනයකදී පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://twitter.com/AlboMP/status/1599655953292746753?s=20&t=-an-gDEc36KRbMxKL06a0g

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »