Search

ඇමරිකන් පොලිස් වෙඩි පහරින් ලාංකිකයෙක් මරුට

ටෙක්සාස්හි වාසය කළ 33 හැවිරිදි රාජන් මුණසිංහ නැමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් 15 වැනිදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉකුත් නොවැම්බර් මස 15 වැනිදා අලුයම රාජන් නිවසට පැමිණි අවස්ථාවේ නිවසට සොරුන් පැන ඇතැයි සැකයක් මතු වීම හේතුවෙන් රයිෆලයක් රැගෙන ආලින්දයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පැමිණි ඔස්ටින් පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් රයිෆලය බිම තබන ලෙස පවසමින්  රාජන්ට වෙඩි තැබූ බව ඥාතීන් පැවසූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

ගිනි අවිය බිම තැබීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදෙමින් ඉක්මණින් වෙඩි තැබුවේ ඇයිදැයි තමන්ට දැනගැනීමට අවශ්‍ය යැයි රාජන්ගේ මව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

මෙම වෙඩි තැබීම ඉකුත් නොවැම්බර් 15 වැනිදා අලුයම 12.30 ට පමණ සිදු වූ බවත් 911 හදිසි ඇමතුම් අංකයට ලබාදුන් දුරකථන ඇමතුමක් මත ඔස්ටින් පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගිය බවත් ඔස්ටින් පොලිසිය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේය.

පුද්ගලයෙකු තම නිවස තුළට සහ වීදිය දෙසට ගිනි අවියක් එල්ල කරමින් සිටින බවත් එම පුද්ගලයා ඔහුගේ නිවසට වෙඩි තැබූ බවත් දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පැවසූ බව ඔස්ටින් පොලිසිය නිකුත් කළ ප්‍රකාශයේ දැක්වේ.

රාජන් මුණසිංහ හට වෙඩි තබා ඇත්තේ ඩැනියෙල් සැන්චෙස් නැමැති පොලිස් නිලධාරියා බවත් ඔහු අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඔස්ටින් පොලිසිය පැවසුවේය.

ඩැනියෙල් රාජන් හට ගිනි අවිය බිම දමන ලෙස අනතුරු අඟවා ඇති අතර ඇඟවූ විගස ඔහුට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇතැයි ඔස්ටින් පොලිසිය පෙන්වා දුන්නේය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන දෙකක් සිදු කෙරෙන බවත් ඉකුත් නොවැම්බර් 15 වැනිදා වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූ රාජන් බේරා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සහ කළත් එය අසාර්ථක වූ බව ඔස්ටින් පොලිසිය පැවසුවේය.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »