ඔස්ටේරිලියාව තුළ ස්ත්‍රී – පුරුෂ දෙකොට්ඨාශය අතර ආදායම් සමානාත්මතාවය ඇතිවීම සඳහා තවත් වසර 200 කට වැඩි කාලයක් ගතවනු ඇති බවට නවතම වාර්තාවක් පුරෝකථනය කර තිබෙනවා.
පූර්ණකාලීන රැකියාවල දෙපාර්ශවය අතර සම තත්වය ඇතිවීමට තවත් වසර 70 ක් පමණ ගතවනු ඇති බවයි එමගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.
දැනට ඔස්ටේ්‍රලියාව තුළ ස්ත්‍රී – පුරුෂ දෙකොට්ඨාශය අතර වැටුප් පරතරයේ සාමාන්‍යය සටහන් වන්නේ ඩොලර් 24,000 ක් ලෙසයි.
සෞඛ්‍යමය සහ පුද්ගලික කරුණු හමුවේ ඔස්ටේ්‍රලියානු කාන්තාවන් රැකියාවල නිරතවීම අඩුවීමෙන් ජාතික ආර්ථිකයට වාර්ෂිකව සිදුවන පාඩුව ඩොලර් බිලියන 72 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.
2001 වසරේ සිට ගතවූ වසර 20 ක කාලය තුළදී ඔස්ටේ්‍රලියානු කාන්තාවන්ට හිමිවන වැටුප් – superannuation සහ දීමනා පුරුෂයන්ට සාපේක්ෂව අඩු අගයක් ගෙන ඇති බවයි මෙහිදී අනාවරණය වූයේ.
එහෙත් පුරුෂයන්ට වඩා මෙම කාලසීමාවේදී ඔස්ටේ්‍රලියානු කාන්තාවන්ගේ මානසික පීඩනය ඉහළගොස් ඇති බවද අවුරුදු 18 ත් 24 ත් අතර කාණ්ඩයේ සහ 55 ත් 64 ත් අතර කාණ්ඩයේ එම තත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයිද තවදුරටත් හෙළිවී ඇතැයි සඳහන්.