අගමැතිගේ විදුලි ගාස්තු අඩු කිරීමට අගමැතිවරුන් 02 කගෙන් පොල්ලක්

විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව ලබන බදාදා රැස්වන ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.

ඊට අනුමැතිය ලැබී බලශක්ති සමාගම් සමග එකගතාවයක් ඇතිකරගත හොත් මාස කිහිපයක් තුළ විදුලි ගාස්තු අඩු වනු ඇති බවයි විචාරක මතය වන්නේ.

කෙසේවෙතත් බලශක්ති සමාගම් සඳහා නිසි වන්දි මුදලක් නොලැබෙන්නේ නම් මෙම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත අගමැතිවරුන් සූදානම් වන බවද සඳහන්.

එම සමාගම්වල බහුතර කොටස් අදාළ ප්‍රාන්ක රජයන් සතු බැවින් වන්දි ලෙස ඩොලර් බිලියන ගණනක මුදලක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ටේ්‍රලියාවේ විදුලි බිල් සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති අතර ලබන වසරේදී තවත් සියයට 30 කින් පමණ වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එසේ වුවහොත් වසර 02 ක් තුළ මෙරට නිවසක විදුලි හා ගෑස් ගාස්තු ඉහළයාම ඩොලර් 1300 ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »