Search

මානසික ගැටලුවකට ඔස්ටේ්‍රලියාවේදී අමතක නොකල යුතුම අංකය

ඔස්ටේ්‍රලියාව තුළදී කිසියම් මානසික හෝ පවුල් ප්‍රශ්නයක් සඳහා උපකාරයක් අවශ්‍ය නම් 13 11 14 (LifeLine) අංකය අමතන ලෙස සියලු ජනතාවට දැනුම්දීමක් සිදු කෙරෙනවා.

ඔබ පමණක් නොව මෙවැනි ආතතියකින් පෙළෙන ඔබේ හිත මිතුරෙකු හෝ ඥාතියෙකු හෝ වෙනත් ඕනෑම අයෙකු සම්බන්ධයෙන්ද මෙම අංකයට දැනුම්දිය හැකියි.

මෙල්බන් Sandhurst ප්‍රදේශයේ පදිංචිවී සිටි 45 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු විසින් සිය 43 හැවිරිදි බිරිඳ ඝාතනය කල පුවතත් සමගයි 13 11 14 අංකය පිළිබඳ නැවතත් සිහිපත් කෙරෙන්නේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රී 11.40 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබුණේ දෙදෙනා අතර ඇතිවු ආරවුලක් දුරදිග යෑමෙනුයි.

ඔවුන්ගේ එක් පුත්‍රයෙකුටද සැකකරු විසින් පහරදී තුවාල සිදුකර තිබුණා.

ඔහු මේ වනවිට බරපතළ තුවාල සහිතව සැත්කමකට ලක්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කලා.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයා ඉදිරි දිනයක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයී.

සිය මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අසල්වැසි නිවසකට දැනුම් දෙන ආකාරය සී සී ටී වී කැමරාවල ද සටහන්ව තිබුණා.

මෙම යුවළ මෑතකදී එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වී ඇති බවටයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.

දූෂණ චෝදනා විමර්ශනයට Qantas බලපෑම් කරලා ?

Qantas ගුවන් සමාගම විසින් ජාතික දූෂණ විරෝධී කොමිසමේ (NACC) ප්‍රධානීන්ට ලබාදී ඇති විශේෂ වරප්‍රසාද හේතුවෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත විය හැකි බව වාර්තා වනවා.

Read More »

මෙල්බන් ඇතුලු නගර රැසක ඉදිරි දින තුනේ කාලගුණයේ ලොකු වෙනසක්

Nothern Territory, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයන්ගේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වයේ ඉහල යෑමක් අද , හෙට සහ අනිද්දා දින තුළ අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය (BoM) විසින් සදහන් කර තිබෙනවා.

Read More »

මිනිත්තු කිහිපයක් වැය කර Blood Pressure අඩු කර ගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් අනාවරණයක්

සෑම දිනකම අවම වශයෙන් මිනිත්තු කිහිපයක් ව්‍යායාම්වල නිරත වීමෙන් ශරීරයේ රුධිර පීඩනය අවම කළ හැකි බවට ඔස්ට්‍රේලියානු පර්යේෂකයන් මූලික වී සිදුකළ ජාත්‍යන්තර අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

දිනෙන් දින වෙනස් වන ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර්7) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 199 කට ආසන්න වී තිබෙනවා

Read More »