
ජනවාරි පළමුවනදා සිට ඉහළ නැංවෙන දීමනා කිහිපයක් සම්බන්ධයෙන් ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව youth allowance හෙවත් තරුණ දිමනාව – AusStudy සහ වැඩිහිටි දීමනා මෙලෙස වැඩි කෙරෙනු ඇති.
1998 වසරෙන් පසු තරුණ දීමනාව වැඩි කෙරෙන ඉහළම අගය මෙවර සටහන් වනවා.

ඒ අනුව එම දීමනාව සති 02 ක කාලයක් සඳහා ඩොලර් 19.10 සිට ඩොලර් 41.40 දක්වා අගයකින් ඉහළ දැමීමට නියමිතයි.
AusStudy දීමනාව ඩොලර් 32.40 සිට ඩොලර් 41.40 අතර අගයකින් ඉහළ යනු ඇති.

ආබාධිත දීමනාව ඩොලර් 27.40 සිට ඩොලර් 40.70 ක් දක්වා වැඩි කර තිබෙනවා.