Search

මෙල්බන් හැඩවූ ඝාතනයේ නොඇසූ කථාවක්

ඔස්ට්‍රේලියාවේ වාසය කළ 44 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී සිය ස්වාමි පුරුෂයා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ, මෙල්බර්න් හි සෑන්ඩ්හර්ට්ස් හි වාසය කළ තුන්දරු මවක වන කාන්තාවකි.

මෙල්බර්න් හී සෑන්ඩ්හර්ට්ස් හී පදිංචි ශ්‍රී ලංකික කාන්තාව ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අසල්වැසි නිවසකට දැනුම් දෙන ආකාරය CCTV කැමරාවල ද සටහන්ව තිබුණි.

අසල්වාසීන් විසින් මාධ්‍යට පවසා ඇත්තේ, දියණිය පැමිණ “මගේ අම්මා මැරිලා, මගේ අම්මා මැරිලා” යනුවෙන් ඔවුන්ට පැවසු බවය.

44 හැවිරිදි කාන්තාව ඝාතනය කර තිබුණේ, ඇයගේ ස්වාමිපුරුෂයා වන 45 හැවිරිදි නමැත්තා විසිනි.

පිහි ඇනුම සිදුව තිබුණේ රාත්‍රී කාලයේදීය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම යුවළගේ – පාසල් වයසේ පසුවන පුත්‍රයාද මෙම පිහි ඇනුමට මැදිව ඇති නමුත් ඔහු පළායාමට සමත්ව තිබේ.

ඔහු මේ වනවිට බරපතළ තුවාල සහිතව සැත්කමකට ලක්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.

මෙම යුවළ මෑතකදී එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වී ඇති අතර, ඇය නිවසේ අඟුළු පවා මෑතකදී වෙනස් කර ඇති බව මාධ්‍ය පවසයි.

සැකකාර සැමියා පළායෑමට උත්සාහ දරා ඇතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබුණි.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, නෛතික කටයුතු ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා පවසයි.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »