
රාත්‍රී සේවා මුරවල නිරත සේවකයන් රෝගාබාධවලට ගොදුරුවීමේ අවධානම ඉතා ඉහළ බව නවතම අධ්‍යයනයකදී හෙළිවි තිබෙනවා.
ඔවුන්ට පිළිකා – දියවැඩියාව සහ හෘද රෝග වැළඳීමේ අවධානම වැඩි අගයක පවතින බවයි අනාවරණ වී ඇත්තේ.
නිසි පරිදි නින්ද නොලැබීම සහ අයහපත් ජීවන රටා ඊට ප්‍රධාන සාධක බව සඳහන්.

මේ වනවිට ලොව පුරා සේවකයන්ගෙන් සියයට 25 ත් 30 ත් අතර පිරිසක් අවම වශයෙන් සතියකට එක් දිනයක් හෝ රාත්‍රී සේවා මුරයක නිරතවන බවයි තහවුරු කරගෙන ඇත්තේ.
ආරක්ෂක අංශ සාමාජිකයන් – ඉදි කිරීම් හා නඩත්තු සේවා – පිරිසිදුකිරීම් ඇතුලු සේවා ඉන් ප්‍රමුඛ වනවා.

දීර්ඝකාලීනව රාත්‍රී සේවා මුරවල නිරතවීම වයස්ගතවීමේදී තවත් රෝග ඇතිකරවීමට හේතුවන බවටයි තවදුරටත් හඳුනාගෙන ඇත්තේ.