
අයි එස් සංවිධානයේ ක්‍රියාකාරීව සිටි දරුණුතම ඔස්ටේ්‍රලියානුවා ලෙස සැළකෙන නීල් ප්‍රකාශ් නමැත්තාට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ ත්‍රස්ත චෝදනා 06 ක් ගොණු කර තිබෙනවා.
මීට වරදකරු බවට පත්වුවහොත් මොහුට ජීවිතාන්ත සිර දඩුවමක් නියම වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
විදේශ භූමියක ත්‍රස්ත කටයුතුවල නිරත වීම – ත්‍රස්ත සංවිධානයක සාමාජිකත්වය දැරීම සහ ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම යන චෝදනා ඒ අතර වනවා.

2014 වසරේදී සිරියාවට ගොස් වසර 02 කට ආසන්න කාලයක් එම ත්‍රස්ත කටයුතුවල නිරතවූ නීල් ප්‍රකාශ් පසුගිය සතියේදී ඔස්ටේ්‍රලියාවට පිටුවහල් කර එවා තිබීමෙන් පසු ඩාර්වින් හිදී අධිකරණයකට ඉදිරිපත් කෙරුණා.
ඔහු මෙල්බන් පදිංචිකරුවෙකු වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තය වෙත මාරු කිරීමටයි එහිදී අධිකරණය විසින් අවසර ලබාදෙනු ලැබුවේ.
