ඔස්ටේ්‍රලියා ආරක්ෂක අංශවල රැකියා 3000 කට අයදුම්පත් කැඳවයි

පවතින දැඩි සේවක හිගය මගහරවාලීම සඳහා වැඩි වශයෙන් තරුණයන් බඳවා ගැනීමට ඔස්ටේ්‍රලියානු ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට 3000 කට ආසන්න සේවක හිගයක් පවතින අතර ඉන් 1000 ක් පමණ ඉතාම ඉක්මණින් සම්පූර්ණ කල යුතු ඒවා බවටයි හඳුනාගෙන ඇත්තේ.

ආරක්ෂක තර්ජන පිළිබඳ නිරතුරුව තක්සේරු කර අවශ්‍ය ආරක්ෂක සාමාජිකයන් සංඛ්‍යාව නිර්ණය කරන නමුත් පසුගිය දශකයක පමණ කාලයේදී නිසි අයුරින් පුරප්පාඩු සම්පූර්ණ කිරීමක් සිදුවී නොමැති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවේ අනෙකුත් සෑම අංශයකටම පාහේ විදේශයන්ගෙන් පුහුණු ශ්‍රමිකයන් ගෙන්වාගනු ලැබුවක ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය යටතේ ආරක්ෂක අංශයේ රැකියා සඳහා එම අවස්ථාව උදාවන්නේ නැහැ.

කෙසේවෙතත් ෆෙඩරල් රජයෙන් අවසරයක් හිමිවන්නේනම් තෝරාගත් ඇතැම් ආරක්ෂක අංශ රැකියා සඳහාද එම අවස්ථාව ලබාදීමට හැකිවනු ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කලා.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

Qantas සමාගමේ ගුවන් ගමන්වල වෙනසක්

මැදපෙරදිග ඇතැම් ප්‍රදේශවලට පියාසර කිරීම වළක්වා ගැනීම සඳහා පර්ත් සහ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් මාර්ගය යළි ආරම්භ කිරීමට ක්වන්ටාස් සමාගම සැලසුම් කර තිබෙනවා.

Read More »

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහිපත් කළ බේරා ගැනීම

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්‍රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් වාර්තා වී තිබෙනවා.

Read More »