සිඩ්නි ගුවන් තොටුපළේ රැකියා 4000 ක්

සිඩ්නි ගුවන් තොටුපළේ රැකියා පුරප්පාඩු 4000 ක් පමණ තවමත් පිරවීමට ඉතිරිව පවතින බවට අනාවරණ වී තිබෙනවා.

පසුගිය මාස 06 තුළදී සැළකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් සම්පූර්ණ කර අවසන් කර ඇති බවද සඳහන්.

නිවාඩු සමය එළඹිමත් සමග ඉදිරි සති තුළදී සිඩ්නි ගුවන් තොටුපළේ දැඩි කාර්ය බහුල තත්වයක් නිර්මාණය වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලක්ෂ 25 කට ආසන්න ගුවන් මගීන් පිරිසක් මෙම කාල සීමාව තුළදී ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇති බව සඳහන්.

බ්‍රහස්පතින්දා – සිකුරාදා සහ සඳුදා දිනයන් සිඩ්නි ගුවන් තොටුපළේ කාර්ය බහුලම දින ලෙසයි සැළකෙන්නේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »