Search

ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය රක්ෂණ රැසක දරුවන්ගේ වයස් සීමාව ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ ක්‍රියාත්මක පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රම රැසක සංශෝධන සිදුකර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිලාභ ලැබිය හැකි දරුවන්ගේ වයස් සීමාව අවුරුදු 25 සිට 31 දක්වා ඉහළ නංවා ඇති අතර එමගින් විශාල පිරිසකට ප්‍රතිලාභ හිමිවනු ඇති.

Medibank, AHM, BUPA, HCF සහ Teachers’ Health විසින් දැනටමත් ප්‍රතිලාභ ලැබිය හැකි පුද්ගලයන්ගේ වයස් සීමා ඉහළ දමා තිබෙනවා.

NIB, Australian Unity, GMHBA & Frank Health Insurance විසින් ඉදිරියේදී එම සංශෝධන සිදුකිරීමට නියමිතයි.

මේ යටතේ එක් දරුවෙකු සිටින පවුලකට වසරකට ඩොලර් 1010 ක උපරිමයක් – දරුවන් දෙදෙනෙකු සිටින පවුලකට ඩොලර් 3812 ක් – දරුවන් 03 දෙනෙකු සිටින පවුලකට ඩොලර් 5604 ක් සහ දරුවන් 04 දෙනෙකු සිටින පවුලකට ඩොලර් 7396 ක උපරිම මුදලක් ඉතිරි කර ගත හැකි වනවා.

දරුවන් ලක්ෂ 03 ක් පමණ දෙමව්පියන්ගේ සෞඛ්‍යරක්ෂණාවරණ සඳහා මේ යටතේ ඇතුළත් වනු ඇති.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »