දකුණු ඔස්ටේ්‍රලියාවේ රෝහල් සඳහා බඳවා ගන්නා හෙදියන් සංඛ්‍යාව දෙගුණ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ඒ ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කල ඩොලර් මිලියන 25 ක වැඩසටහන යටතේයි.
හෙද උපාධිය අවසන් කිරීමෙන් පසු රෝහල්වල පුහුණුව සඳහා දැනට වසරකට බඳවා ගන්නා සංඛ්‍යාව 600 ක් වන අතර එය 1200 දක්වා ඉහළ දැමීමට නියමිතයි.
දැනට දකුණු ඔස්ටේ්‍රලියාවේ රෝහල්වල පවතින හෙද හිගය හමුවේ රෝහල්වල පවතින පීඩනය මෙමගින් අවම වනු ඇතැයි අපේක්ෂිතයි.
මීට සමගාමීව පවුල් සෞඛ්‍ය නිළධාරිනියන්ගේ සංඛ්‍යාවද ඉහළ දැමීමටයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සූදානම් වන්නේ.