ඔස්ටේ්‍රලියාව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට

පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට ඔස්ටේ්‍රලියාවට සිදුවුණා.

ඒ ආර්ජන්ටිනාව හමුවේ ලද 2-1 ක පරාජයත් සමගයි.

කෙසේවෙතත් මෙවර තරගාවලියේදී ඔස්ටේ්‍රලියාව දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් පාපන්දු ලෝලීන් දක්වන්නේ ඉමහත් ප්‍රසාදයක්.

මෙම තරගය නැරඹීම සඳහා 15,000 කට අධික පිරිසක් මෙල්බන් Federation Square වෙත රැස්ව සිටියා.

කළහකාරීව හැසිරුණු ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

බීමත්ව නොසන්සුන්ව හැසිරීමයි ඔවුන්ට එරෙහි චෝදනා වන්නේ.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »