
ඔස්ටේ්‍රලියාව තුළ වාහන අංක තහඩු සොරකම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඊට හේතුවී ඇත්තේ ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණ මුදල් නොගෙවා ඉන්ධන රැගෙන යන පුද්ගලයන් ඔවුන් හඳුනා නොගැනීම සඳහා සිය වාහන වෙත එලෙස සොරකම් කරන ලද අංක තහඩු සවි කිරීමට පෙළඹීමයි.
RAA හෙවත් රාජකීය රථවාහන සම්මේලනයට අනුව ගතවූ මාස 12 තුළදී වාහන අංක තහඩු සොරකම් කිරීම සියයට 15 කින් ඉහළගොස් තිබෙනවා.

ඔවුන් සඳහන් කරන පරිදි ඇතැමුන් මෙලෙස වංචා කරන මුදල ඩොලර් 100 ත් 200 ත් අතර වනවා.
පවතින තත්වය හමුවේ වාහන අංක තහඩු සඳහා නවීන තාක්ෂණික විධි ඇතුළත් කිරීමට කාලය එළැඹ ඇති බවයි රාජකීය රථවාහන සම්මේලනය අවධාරණය කරන්නේ.
