වික්ටෝරියා අතුරු වෛද්‍ය සේවකයන් 74% ක් සේවය අතහැර යාමට කැමැත්තෙන්

වික්ටෝරියා ප්‍රාන්තයේ අතුරු වෛද්‍ය සේවා කාර්ය මණ්ඩලය අතුරින් සියයට 74 ක් පමණ සේවය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බව නවතම අධ්‍යයකයකදී අනාවරණ වී තිබෙනවා.

වැටුප් ප්‍රමාණවත් නොවීම සහ රාජකාරි අධිකවීමයි ඊට ප්‍රධාන හේතු වන්නේ.

සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම තත්වය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජයට අවස්ථා ගණනාවකදී දැනුම් දුන්නද මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

විශේෂයෙන් ගිලන් රථ ප්‍රමාදය වැනි දෑ කඩිනමින් වළක්වාගත යුතු පියවර වුවද ඒ පිළිබඳ දක්වා ඇත්තේ ඉතා අඩු සැළකිල්ලක් බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

ඊයේ අලුයම් කාලයේදීත් වික්ටෝරියා ප්‍රාන්ත ගිලන් රථ සේවය විසින් තත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »