අඛණ්ඩව 08 වන මාසයටත් අනිද්දා පොළී අනුපාතික ඉහළට ?

අඛණ්ඩව 08 වන මාසයටත් පොළී අනුපාතිකයන් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව සූදානම් වනවා.

ඒ අනුව අනිද්දා දිනයේදී එහි විධායක මණ්ඩලය රැස්වී cash rate අගය ඉහළ දැමීමට තීරණය කරනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ සියයට 7.3 ක්ව පැවති උද්ධමනය ඔක්තෝබරයේදී සියයට 6.9 දක්වා අඩුවී ඇතැයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පසුගියදා නිවේදනය කලා.

උද්ධමනය යම්තාක් දුරකට පාලනය වී ඇතත් ආර්ථිකය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව ෆෙඩරල් සංචිත බැංකුව විසින් මෙවර cash rate අගය සියයට 0.25 කින් පමණ වැඩි කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එසේ වුවහොත් දැනට සියයට 2.85 ක්ව පවතින cash rate අගය සියයට 3.1 දක්වා ඉහළ යන අතර 2012 වසරෙන් පසු අගය වාර්තා කරන ඉහළම අගය එය වනු ඇති.

ඒ අනුව ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුගේ මාසික වාරිකයේ ඉහළයාම පසුගිය මැයි මාසයේ සිට ඩොලර් 834 ක් පමණ වනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »