මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්ට බටහිර ඔස්ටේ්‍රලියාවෙන් සහනයක්

මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයන්ට එරෙහි නඩු විභාග අවසන්වන තුරු රඳවා තබා ගැනෙන නීතියක් ඉවත් කිරීමට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

දැනට පවතින නීතිය යටතේ එවැනි පුද්ගලයන්ට නඩු විභාගයකට සහභාගීවීමට නොහැකි නම් අඛණ්ඩව රඳවා තබා ගැනීමට ප්‍රතිපාදන පවතිනවා.

ඇතැම්විට එම කාලය වසර ගණනක් වුවද විය හැකියි.

කෙසේවෙතත් නඩු විභාගය අවසානයේ ඔවුන් නිර්දෝෂීභාවයට පත්වුවහොත් රඳවා තබා ගත් කාලය තුළදී සිදුවන බලපෑම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන විසින් දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබුණා.

යෝජිත නව නිතිය යටතේ රඳවා තබාගත හැකි උපරිම දින වකවානුවක් නිර්ණය කිරීම විනිසුරුවරුන්ට පවරා තිබෙනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »