ඔස්ටේ්‍රලියානුවන් මිලියන 05 කගේ පුද්ගලික දත්ත වෙන්දේසියේ

ඔස්ටේ්‍රලියානුවන් මිලියන 05 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගෙන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ තවත් සයිබර් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

ඉන් 10,000 කගේ පමණ ඊ-මේල් මුරපද ඇතුලු අතිශය සංවේදී තොරතුරු දැනටමත් අන්තර්ජාලයට එක් කර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

ගූගල් – මයික්‍රොසොෆ්ට් සහ ෆේස්බුක් යන සේවාවන්ට අදාළව මෙම සොරාගැනීම සිදුකර ඇති බවයි තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ.

නවසීලන්ත ජාතිකයන් 6000 කගේ පමණ පුද්ගලික තොරතුරුද මෙලෙස මුදා හැරුණු දත්ත අතර වනවා.

මෙම පුද්ගලික දත්ත නිරාවරණය නොකිරීමට එක් අයෙකුගෙන් ඩොලර් 09 ක මුදලක් ලැබිය යුතු බවද සයිබර් ප්‍රහාරකයන් දන්වා තිබෙනවා.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »