මෙල්බන් නගරයේ නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා වගාවක් වටලා ඩොලර් මිලියන 03 කට ආසන්න වටිනාකමින් යුත් ගංජා පැළ තොගයක් සොයාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සමත්වී තිබෙනවා.
එහි තිබී ගංජා පැළ 1291 ක් හමුවී ඇති අතර සමස්ත බර ටොන් 01 කට ආසන්න බවටයි තක්සේරු කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 35 හැවිරිදි සහ 57 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාස 06 කට ආසන්න කාලයක් ගංජා කම්හලක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවටයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
දින කිහිපයකට ඉහතදීත් මෙල්බන් නගරයෙන් මෙලෙසම මහා පරිමාණ ගංජා සහ කොකේන් නිෂ්පාදනාගාරයක් වටලනු ලැබුවා.