දෙසැම්බර් 09 වන දිනට සැළසුම් කර තිබු වැඩ වර්ජනය අත්හිටුවීමට ඔස්ටේ්රලියාවේ ගුවන් තොටුපළ ගිනි නිවන සේවකයන් තීරණය කර තිබෙනවා.
එදින පෙරවරු 06 සිට පැය 04 ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමයි ගුවන් තොටුපළ 27 ක සේවකයන් තීරණය කර තිබුණේ.
මේ හරහා ගුවන් ගමන් ප්රමාදයන් – අවලංගු කිරීම් මෙන්ම දිගු පෝලිම් තත්වයන් නිර්මාණය වනු ඇති බවටද අනතුරු අගවා තිබුණා.
කෙසේවෙතත් සේවක හිගය මග හැරවිමටත් වහා නව ගිනි නිවීම් සේවකයන් පිරිසක් බඳවා ගැනීමටත් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී බළධාරීන් එකග වී තිබෙනවා.
ඒ අනුව සිය වර්ජනය අතහැර දැමිමටයි ගිනි නිවීම් සේවකයන් මූලික එකගතාවයකට පැමිණ ඇත්තේ.
කෙසේවෙතත් මේ සඳහා වෘත්තීය සමිති සාමාජිකයන් විසින්ද අනුමැතිය දිය යුතු වනවා.