Search

ඔක්තෝබරයේ සිල්ලර වෙළඳාම් පහළ යයි

ඔක්තෝබර් මාසයේදී ඔස්ටේ්‍රලියාව තුළ සිල්ලර වෙළඳාම් තරමක් පහළගොස් තිබෙනවා.

එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 0.2 කින් පහළගොස් ඇතත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසය හා සැසඳීමේදී සියයට 12.5 කින් වර්ධනය වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

වෙළඳසැල් වෙත පැමිණ සිදුකල මිළදී ගැනීම් මෙන්ම ඔන්ලයින් ක්‍රමයට සිදුකල මිළදී ගැනීම්ද මේ සඳහා සළකා බලා ඇති බව සඳහන්.

ඔක්තෝබ්ර මාසයේදී ආහාර මිළදී ගැනීම් පමණක් පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර ගෘහ උපකරණ – ඇඳුම් ඇතුලු අනෙකුත් සියලු අංශ පහළයාමකුයි සටහන් කර ඇත්තේ.

ප්‍රාන්ත වශයෙන් සැළකිමේදී දකුණු ඔස්ටේ්‍රලියාව සහ බටහිර ඔස්ටේ්‍රලියාව පමණක් සැප්තැම්බර් මාසයට සාපේක්ෂව කිසිදු වෙනසක් පෙන්නුම් කර නොමැති අතර අනෙකුත් සෑම ප්‍රාන්තයක්ම සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී සිල්ලර වෙළඳාම් අලෙවිය අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.