වික්ටෝරියා නව රජය නම් කෙරේ

පසුගිය සෙනසුරාදා පැවති වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත් ලේබර් පක්ෂය නව අමාත්‍ය මණ්ඩලය නම් කර තිබෙනවා.

නවක මුහුණු කිහිපයක්ම මෙවර ඇමති මණ්ඩලයට ඇතුළත් කිරීමටයි අගමැති ඩැනියල් ඇන්ඩෲස් පියවර ගෙන ඇත්තේ.

තවදුරටත් ප්‍රථිඵල නිකුත් කිරීමට ඇත්තේ 04 ක පමණක් වන අතර මෙතෙක් නිකුත් කල ප්‍රථිඵල අනුව ලේබර් පක්ෂයට ආසන 53 ක් – ලිබරල් සන්ධානයට 27 ක් සහ ග්‍රීන්ස් පක්ෂයට ආසන 04 ක් ලැබී තිබෙනවා.

මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජයගත් ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන් අතුරින්ද අගමැති ඇන්ඩෲස් ට අතිශය හිතවත් විශාල පිරිසක් පත්වී සිටින බැවින් ඔහුට ඉදිරි වසර 04 කිසිදු අපහසුවකින් තොරව පාලන බලය ගෙනයාමට හැකිවනු ඇති බවයි.

මේ අතර පුරප්පාඩුවූ විපක්ෂ නායක ධුරය සඳහා සුදුස්සෙකු පත් කරන දිනයක් ලිබරල් පක්ෂය විසින් මෙතෙක් තීරණය කර නැහැ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »