තමන්ට ලැබෙන දීමනා ඉහළ දැමීමක් සිදු නොකලහොත් ප්‍රාදේශීය කලාපවල වෛද්‍ය හිගය තවත් ඉහළ යා හැකි බවට ඔස්ටේ්‍රලියාවේ වෛද්‍ය සංගම් අනතුරු අගවනවා.
රෝගියෙකු පරීක්ෂා කිරීම වෙනුවෙන් GP වරුන්ට ගෙවන ගාස්තුව ඩොලර් 39.75 දක්වා ඉහළ දැමුණා.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 1.6 ක දීමනා ඉහළයාමක් වනවා.
කෙසේවෙතත් උද්ධමනය හා සැසඳීමේදී මෙම වැඩිකිරීම කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවත් අවම වශයෙන් ඩොලර් 80 ක් පමණ දක්වා ඉහළ නැංවිය යුතු බවත් වෛද්‍ය සංගම් අවධාරණය කරනවා.
විශේෂයෙන් ගොඩනැගිලි කුළී – උකස් ණය – රක්ෂණ වාරික – සේවක වැටුප් වැනි සියල්ල සැළකීමේදී තමන්ට ලැබෙන දීමනා කිසිදු අයුරකින් ප්‍රමාණවත් නොමැති බවයි වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ.
මෙම තත්වය අඛණ්ඩව පැවතියහොත් ප්‍රාදේශීය කලාපවලින් වෛද්‍යවරුන් ඉවත්වීම වැළැක්විය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.