වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය හමුවේ අසාධ්‍ය රෝගීන් 1000 කට බලපෑම්

වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය හමුවේ අසාධ්‍ය රෝගීන් 1000 කට වැඩි පිරිසකට පසුගිය වසරේදි බලපෑම් එල්ල වී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

අතිශය අසාධ්‍ය කුඩා ළමුන් – බරපතල හෘද රෝගීන් ඇතුලු පිරිස් ඒ අතර වූ බව සඳහන්.

නියමිත වේලාවට ගිලන් රථ නොපැමිණිම හමුවේ පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 18 ක් බව මෙම වාර්තාව අනාවරණය කරනවා.

කෙසේවෙතත් මෙම දෝශ හැකි ඉක්මණින් නිවැරදි කරගන්නා බවයි වික්ටෝරියා ගිලන් රථ සේවය අවධාරණය කරන්නේ.

අමතර සේවකයන් බඳවාගැනීමද එම නිර්දේශ අතර වනවා.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අද අලුයම 03 දක්වා වික්ටෝරියා ගිලන් රථ සේවය විසින් code red තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබුණා.

ප්‍රමාණවත් සේවකයන් නොමැතිවීම හමුවේ උද්ගත වූ දැඩි කාර්ය බහුලත්වයයි ඊට හේතුව වන්නේ.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »