ඔස්ටේ්‍රලියාවේ රිය අනතුරකින් ලාංකික තරුණයෙකු මරුට

නිවු සවුත් වේල්ස් හි සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබෙනවා.

90 හැවිරිදි කාන්තාවක පැදවූ රථයක ගැටීමෙනුයි කෙල්වින් විජේවීර නම් මෙම තරුණයා ඊයේ දිනයේදී මරණයට පත්වී ඇත්තේ.

ඔහු කාලින්ෆර්ඩ් උසස් පාසලේ අධ්‍යාපනය ලද, ලබන වසරේ උසස් පෙළ වරම් ලත්, පැරමටා සිංහල පාසලේද සිංහල භාෂාව ප්‍රගුණ කර තිබෙනවා.

කෙල්වින් විජේවීර පසුගිය වසර දෙක තුළ නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුවේ තරුණ සංගමය හා එක්ව එහි උන්නතියට විශාල වැඩ කොටසක් ඉටුකර ඇති බවද සඳහන්.

සිය මිතුරන් සමග මහ මග ගමන් කරමින් සිටියදීයි ඔහු මෙම ඛේදවාචකයට මුහුණ දී ඇත්තේ.

මෙහිදී තවත් 17 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.

SOURCE : https://www.9news.com.au/national/carlingford-crash-teenager-dies-another-injured-after-being-hit-by-car-in-sydney/33bd7535-741b-4734-ac88-84547774404d?fbclid=IwAR29wLkIzzaMTGYNHrQJvJBc5RG-pbldAH4gevaUl3jKbKwgWTrHaRdGhNY

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »