
නත්තලට පෙර රට තුළ වත්මන් හෝ හතරවන කොවිඩ් රැල්ල ඉහළ යා හැකි බවට වසංගත රෝග විද්‍යාඥයින් පවසයි.
ඔක්තෝබර් 31 වනදා දක්වා COVID-19 සමඟ හෝ ඒ හේතුවෙන් පුද්ගලයින් 13,021 දෙනෙකු මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත පෙන්වා දෙයි.
මරණ 13,021 න් 10,620 ක් (81.6% ක්) COVID වලින් සිදුවූ මරණ බවත් ඉතිරි මරණ 2,401 වෙනත් හේතු නිසා සිදු වූ නමුත් මෙම පුද්ගලයින්ට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබුණු බව අනාවරණය විය.

මගීන් 4000කින් යුත් කෲස් නෞකාවක් දෙසැම්බර් 02 වනදා බ්‍රහස්පතින්දා මෙල්බර්න් වෙත පැමිණීමෙන් පසු පුද්ගලයින් පස් දෙනෙකු රෝහල් ගත කර ඇත.
Grand Princess නෞකාවේ COVID-19 ආසාදනය වූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව තවමත් බලධාරීන් විසින් අනාවරණය කර නොමැත.

NSW ප්‍රාන්ත රජය 2021 වසරේ lockdown කිරීම්වලදී නිකුත් කරන ලද දඩ 62,138 න් 33,121 ක් ඉවත් කර ගෙන ඇත.
(SBS)